ඉන්ධන මිල ඉහළයාම සැළකිල්ලට ගෙන දුම්රිය ගාස්තුවද වැඩි කරන ලෙසට දුම්රිය බලධාරීන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
දුම්රිය ගාස්තු ඉහළයාමක් සිදු නොවන්නේ නම් දැනට පවතින පාඩුව විශාල ලෙස ගොස් දුම්රිය ප්‍රවාහනයද කඩා වැටීමකට ලක්වීමේ අවධානමක් ඇතැයි ඒත් සමඟම පෙන්වා දී ඇත.
ඒ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රවාහන අමාත්‍යාංශයේ විශේෂ අවධානයකට ලක්ව ඇති බව සඳහන්ය. ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ දුම්රිය ගාස්තුව ඉදිරියේදී සුළු වශයෙන් සංශෝධනය කිරීමට සිදුවන බවය.
පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ ගියද දුම්රිය ගාස්තු වැඩිකිරීමක් සිදු නොවූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.