වෙළෙඳපලේ පවතින ගෑස් හිඟය හා ඉන්ධන හිඟය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට තවත් මාස 07 ක් පමණ ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ලෝක වෙළඳපලේ මතුව ඇති තත්ත්වයන් පාලනය කිරීමට රජයට හැකියාවක් නොමැති බවයි.
පවතින අර්බුදයෙන් ගොඩ ඒමට අපනයනය වෙළඳාම හා සංචාරක කර්මාන්තය වර්ධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
ඒ සඳහා රජය දැනටමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කී අමාත්‍යවරයා ඒ අනුව තවත් මාස හතකින් පමණ රට යථා තත්ත්වයට පත්වනු ඇතැයිද සඳහන් කළේය.