fbpx
තවත්
    මුල් පිටුවspecial(updates) යුක්‍රේනයෙන් රුසියාවට ඉල්ලීම් කිහිපයක්

    (updates) යුක්‍රේනයෙන් රුසියාවට ඉල්ලීම් කිහිපයක්

    රුසියානු යුක්‍රේන සාකච්ඡා ඉදිරියට ගෙනයාමට නම් වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළයුතු බව යුක්‍රේනය ඉල්ලා සිටියී.

    බෙලරූස් හි ගොමෙල් නගරයේ දී රුසියානු සහ යුක්‍රේන නියෝජිතයන් අතර මෙම සාකච්ඡා පැවැත්වේ.

    එහිදී යුක්‍රේනය විසින් රුසියානු හමුදාවන් වහාම සිය භූමියෙන් ඉවත් විය යුතු බවටද ප්‍රකාශ කර තිබේ

    මේ අතර යුක්‍රේනය ජනාධිපතිවරයා සිය රටට වහාම යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදෙන ලෙසටද යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇත.


    #update
    බ්‍රසීලය රුසියානු යුක්‍රේනය ගැටුමේදී කිසිඳු පාර්ශවයකට සහය නොදැක්වීමට තීරණය කර ඇත්.

    ඒ අනුව බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ රුසියා-යුක්‍රේන අර්බුදයේදී පැත්තක් නොගන්නා බව ප්‍රකාශ කරයි.

    බ්‍රසීලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී රුසියාවට එරෙහි යෝජනාවට පක්ෂ විය.


    #Update
    යුක්‍රේන ජනාධිපති සිය රටට යුරෝපා සංගමයේ සමාජිත්වය වහාම ලබාදෙන ලෙසට ඉල්ලා සිටීයි.


    #Update
    බෙලරූස් හි ගොමෙල් නගරයේ යුක්‍රේන- රුසියා සාකච්ඡා සඳහා සූදානම. තව ස්වල්ප වෙලාවකින් සාකච්ඡා ආරම්භ වනු ඇති.

    #Update
    සාකච්ඡා සඳහා යුක්‍රේන නියෝජිතයන් පැමිණෙයි.


    #Update
    රුසියානු යුක්‍රේන සාකච්ඡා තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.