fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඇමති වීරසේකරගේ පුද්ගලික ආරක්ෂක ඒ.එස්.පී. පහරකෑමකින් බරපතල තුවාල ලබයි

    ඇමති වීරසේකරගේ පුද්ගලික ආරක්ෂක ඒ.එස්.පී. පහරකෑමකින් බරපතල තුවාල ලබයි

    මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුද්ගලික ආරක්ෂක ලෙස කටයුතුකරන පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී විමලරත්න මහතා පහරකෑමකින් බරපතල ලෙස තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්කර තිබේ.

    පවුලේ ආරවුලක් මුල්කරගෙන එම ප්‍රහාරය එල්ලකර ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ පවුලේම සාමාජිකයෙක් බව පොලීසිය කියයි.

    මහරගම ඇරැව්වල පිහිටි නිවසේදී මෙම පහරදීම සිදුව ඇති අතර සහකාර පොලිස් අධිකාරීවරයාගේ හිසෙහි කැපුම් තුවාලයක්ද ඇතැයි රෝහල් තොරතුරු සදහන් කළේය.

    මෙම පහරදීම පෙරේදා සිදුව ඇති අතර ඔහුට පහරදුන් පවුලේ සාමාජිකයා පළාගොස් සැඟවී සිටින බව මහරගම පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.