fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කුඩු සළිදුගේ ඉඩමක් නීතීඥ පුතෙකු ළග

    කුඩු සළිදුගේ ඉඩමක් නීතීඥ පුතෙකු ළග

    මෙරටින් පළාගොස් ඩුබායි හී රැදී සිටිමින් මෙරට මත්කුඩු ඡාවාරම මෙහෙයවන කුඩු සළිඳුට අයත් පානදුරේ පිහිටි ඉඩමක් නීතීඥවරයෙකුගේ පුතෙකුට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨායේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමක් ඇති එම ඉඩම සළිඳු රටින් පළායන විට මිතුරෙකුට ලබාදී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිකරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම මිතුරාව කැදවා කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුව නීතීඥවරයෙක් එම ඉඩම ඔහුගේ පුතාගේ නමට හරවා ගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් හෙළිවී තිබේ.

    මුදල් දී එම ඉඩම මිලදීගත් බව නීතීඥවරයා යම් තර්කයක් ඉදිරිපත්කර විමර්ශනවලින් එම ඉඩම ගලවා ගැනීමට උත්සහයක් දරා ඇතත් මුදල් ගණුදෙනුවක් වූ බවට කිසිවක් විමර්ශනවලින් මෙතෙක් හෙළිවී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුඩු සළිඳුගේ වත්කම් මේ ආකාරයට විවිධ පුද්ගලයින්ගේ නම් වලින් ඇති බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිරීක්ෂණය වී ඇත. එම වත්කම් හදුනාගෙන තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.