සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ මහතා හදිසි අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළා දකින බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී පියතුමා පැවැසූහ.
කොළඹ අගරදගුරු නිවසේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා ඒ බව සඳහන් කළහ.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙමින් සහ සුදු වෑන් යළි කරළියට එමින් තිබෙන බවද රට ඒකාධිපති වාදයකට තල්ලු වෙමින් ඇතැයි ද එහිදී සිරිල් ගාමිණී පියතුමා කීහ.
ෂෙහාන් මාලක ගමගේ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයෙ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට සාධාරණයක් ඉල්ලා හඩ නැගූ බව ද සිරිල් ගාමිණී පියතුමා කීහ.
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ කොමිසමේ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර මර්දනය කිරීමෙන් කතෝලික ජනතාවගේ වේදනාව යටපත් කළ නොහැකි බවද බව ද සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.