මේ මාසයේ මුල් දින 10 තුළදී මෙරටට සංචාරකයන් 31000ක් ඉක්මවා පැමිණ තිබේ.
ගෝලීය කොවිඩ් වසංගතයේ බලපෑම තවමත් පවතින නමුත් එය පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සැසඳීමේදී විශාල වැඩිවීමකි.
2021 වසරේ පෙබරවාරි මාසය පුරාවටම මෙරටට සංචාරකයන් පැමිණ තිබුණේ 3366ක් පමණි.
මේ මාසයේ මුල් දින 10 තුළ මෙරටට පැමිණ සංචාරකයන්ගෙන් වැඩිවශයෙන් පැමිණ ඇත්තේ පිළිවෙළින් රුසියාව, එංගලන්තය, ඉන්දියාව, ජර්මනිය, යුක්රේනය, ප්‍රංශය, පෝලන්තය, කසක්ස්ථානය, චෙක් ජනරජය, කැනඩාව ඇතුළු රටවලිනි.
පහත දැක්වෙන්නේ ගෙවුණු දෙවසරක මෙරට සංචාරකයන් පැමිණීම සසඳා බැලීමයි.