තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට යුරෝපා සංගමයෙන් ඩොලර් මිලියන 21ක්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට යුරෝපා සංගමයෙන් ඩොලර් මිලියන 21ක්

    ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් හයක් සඳහා යුරෝපා සංගමය (EU) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 21.5 ක අරමුදල් සැපයීමට සූදානම් වෙයි.

    යුරෝපා සංගමය පවසන්නේ මෙරට බලශක්තිය, ජලය, අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රවාහනය, සැපයුම් සහ හරිත ගොඩනැගිලි සඳහා ආයෝජන දිරිගැන්වීම සඳහා එම ප්‍රතිලාභ ලබාදෙන බවය.

    බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය මෙම ප්‍රතිලාභ ලබන සෙසු රටවල් ය.

    මෙම රටවල ජනතාවට සහ ව්‍යාපාරවලට ප්‍රතිලාභ ලබා දීම සඳහා බලශක්ති, ජලය, අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රවාහනය, සැපයුම් සහ හරිත ගොඩනැගිලි සඳහා ආයෝජන දිරිගැන්වීම සඳහා
    දකුණු ආසියාවේ දේශගුණික-ස්මාර්ට් ක්‍රමෝපාය සහ යටිතල පහසුකම් වේගවත් කිරීම (ACSIIS) වැඩසටහන යටතේ 2021-2026 දක්වා වන පස් අවුරුදු වැඩපිළිවෙළක් ලෙස මෙය ක්‍රියාත්මක ය.

    යුරෝපා සංගමය හා ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව ඇති කරගත් නව හවුල්කාරිත්ව‍යෙන් ඉහත වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකෙරේ.

    ගෝලීයව යටිතල පහසුකම් සඳහා වන ආයෝජන මත COVID-19 වසංගතයේ බලපෑම පුලුල් ලෙස බලපා ඇති බව ද යුරෝපා සංගමය කියයි.

    2019 දී තිබූ මට්ටමට වඩා 2020 දී පුද්ගලික සහභාගීත්වයෙන් යටිතල පහසුකම් සඳහා වූ ආයෝජන, පෙර නොවූ විරූ ලෙස 52% කින් පහත වැටී ඇත.

    2030 වන විට පැරිස් ගිවිසුම යටතේ ජාතික ඉලක්ක සම්පූර්ණයෙන් සපුරාලීමෙන් දකුණු ආසියාතික රටවලට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3කට වඩා වැඩි දේශගුණික-ස්මාර්ට් ආයෝජන අවස්ථා විවෘත කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ඇස්තමේන්තු කරයි.

    මෙහිදී දේශගුණික-ස්මාර්ට් ක්‍රමෝපාය ය‍ටතේ එම සංගමය අපේක්ෂා කරන්නේ හරිත හා දේශගුණයට ඔරොත්තු දෙන පිළිවෙත් වෙත කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීමය.

    ‘දේශගුණික-ස්මාර්ට් යටිතල පහසුකම් සඳහා පුද්ගලික ප්‍රාග්ධනය තිරසාර ආකාරයෙන් ආකර්ෂණය කර ගැනීම දකුණු ආසියාවේ පශ්චාත් COVID-19 නැගීසිටීම වෙනුවෙන් ඉතා වැදගත් වනු ඇත,’ IFC හි දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ හෙක්ටර් ගෝමස් පැවසීය.

    ‘තිරසාර යටිතල පහසුකම් ව්‍යාපෘති දිරිගැන්වීමට ඇති බාධා ඉවත් කිරීමට දැන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බැවින් මෙම වැඩසටහන සඳහා යුරෝපා සංගමයේ සහයෝගය දෙන්න මීට වඩා හොඳ වේලාවකට එන්න විදියක් නැතිවෙන්න පුළුවන්. මෙම වැඩසටහන මගින් ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාවේ පළපුරුද්ද සහ විශේෂඥතාව කලාපයේ දේශගුණික-ස්මාර්ට් යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වනු ඇත.’ හෙතෙම කීය.

    නාගරීතරණ, ස්ත්‍රී පුරුෂ භාවය සහ හරිත මූල්‍ය වැනි ප්‍රධාන තේමාවන් කෙරෙහි අවධානය යොමු කරන අතරම කෘෂිකර්මය, නිෂ්පාදන, සංචාරක, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල දේශගුණික-ස්මාට් ආයෝජන සංවර්ධනය කිරීමට ද මෙම වැඩසටහන සහාය වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img