වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට 7 පෙරවරු 7 සිට දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
එහි සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බවයි.
මෙම වැඩවර්ජනය සදහා පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා මෙන්ම හෙද සේවා එක්බද්ධව අඛණ්ඩව වැඩ වර්ජනයට සහය දක්වන බවද ඔහු සඳහන් කළේය.