fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බර්ලින් සිනාමා උළෙලේ නිල ජූරියට තේරීපත් වූ පළමු ලාංකිකයා

    බර්ලින් සිනාමා උළෙලේ නිල ජූරියට තේරීපත් වූ පළමු ලාංකිකයා

    සම්මානනීය සිනමා අධ්‍යක්ෂ විමක්ති ජයසුන්දර බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිල ජුරියට පත්ව තිබේ.

    ශ්‍රී ලාංකිකයකු බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිල ජුරිය නියෝජනය කිරීමට වරම් උදාකරගත් පළමු අවස්ථාව මෙය වේ.

    1951 ආරම්භ වූ බර්ලින් සිනමා උළෙල මෙවර පැවැත්වෙන්නේ 72වැනි වතාවටයි. විශේෂීකරණය නොවූ තරගකාරී සිනමා උළෙල (Non-Specialized Competitive Film Festivals) නැමැති මෙම සිනමා උළෙල ලෝකයේ වඩා තරගකාරී සිනමා උළෙලවල් තුන අතරින් එකකි.

    මෙයට පෙර මෙම සිනමා උළෙලේ ශ්‍රී ලාංකිකයන් ලෙස ෆෙලික්ස් ප්‍රේමවර්ධන (1994 ක්‍රිස්ත්‍රියානි ජූරිය) සහ ඈෂ්ලි රත්නවිභූෂණ (1998-2005 නෙට්පැක් පූරිය) නියෝජනය කර තිබිණි. එහෙත් එම ජූරින් ස්වාධීන ජූරින් වූ නිසා නිල ජූරිය නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට විමුක්ති ජයසුන්දරට හැකිව තිබේ.

    විමුක්ති ජයසුන්දර සමඟ ඉතාලි ජාතික ගයියා ෆේරා සහ ඇෆ්ගනිස්ථානයේ ශර්බානෝ ද මෙවර බර්ලින් සිනමා උළෙලේ නිල ජූරිය නියෝජනය කරති.

    වසර 90ක් සපිරෙන වෙනිස් සිනමා උළෙල, වසර 76කට පෙර ආරම්භ වූ කාන්ස් සිනමා උළෙල සහ වසර 72ක් සපිරෙන බර්ලින් සිනමා උළෙල ලොව ප්‍රධාන සිනමා උළෙල ත්‍රිත්වය ලෙස සැළකෙයි. මෙම ප්‍රධාන සිනමා උළෙල ත්‍රිත්වයෙන් එක් උළෙලක හෝ නිල ජූරි නියෝජනයක් පළමුවරට හිමි කරගනු ලැබුවේ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ඔහු 1992 දී කාන්ස් සිනමා උළෙලේ නිල ජූරිය නියෝජනය කළේය.

    ඉන් අනතුරුව ප්‍රධාන සිනමා උළෙලක මෙන්ම බර්ලින් සිනමා උළෙලේ නිල ජූරිය නියෝජනය කරන පළමු වැන්නා බවට පත්වීමට සම්මානනීය සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර සමත්ව සිටියි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.