පාපැදි භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව පාපැදිවලින් සේවයට පැමිණෙන සේවකයන්ට ප්‍රවර්ධන ප්‍රතලාභයක්ද ලබාදීමට අවධානය යොමුව ඇත.
වායු දූෂණය අවම කිරීම, බෝනොවන රෝග පාලනය , ඉන්ධන අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩ සටහන ආරම්භ කෙරන බව පරිසර අමාත්‍යාංශ තොරතුරු සඳහන් කළේය.
ඒ අනුව පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පාපැදි සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමටද එමගින් යෝජනා කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
වාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් ඉන්ධන වෙනුවෙන් වැය කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පාපැදිය භාවිත කිරීම මගින් ඉන්ධන සඳහා මුදලක් වැය නොවන බැවින් කිලෝමීටරයකට රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.