තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් බද්ද පනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තු පාලනයෙන් ඉවත් කිරීමට විරෝධයක්

    අලුත් බද්ද පනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තු පාලනයෙන් ඉවත් කිරීමට විරෝධයක්

    විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය දක්වන බව දේශීය ආදායම් සේවා සංගමය සඳහන් කරයි.

    දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන විෂය පථයන් ගණනාවක් එක් කර GST නමින් නව බද්දක් පනවා එය පරිපාලනය කිරීමේ කටයුතු භාණ්ඩාගාරයේ විශේෂිත ඒකකයකට පැවරීමට සූදානම් වන බවද දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවසීය.

    ආණ්ඩුවේ මෙම පියවර හේතුවෙන් විගණකාධිපති ගිය අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පරිපාලනය කරන බදු ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව යන බවද ඔහු කීය.

    මහභාණ්ඩාගාරයේ විශේෂ ඒකකයට ලබා ගන්නා බදු මුදල් ඒකාබද්ධ අරමුදලට බැර වන්නේද යන්න ගැටලුසහගත බව ද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img