තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිය කපනවද? නැද්ද? ලංවිමෙන් විවිධ කතා

    විදුලිය කපනවද? නැද්ද? ලංවිමෙන් විවිධ කතා

    අද පස්වරු 2.30 න් පසුව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් අද කිසිදු කප්පාදුවක් නොවන බවටත් වන පරස්පර විරෝධී අදහස් ලංකා විදුලි බල මණ්ඩලයෙන් මතුව තිබේ.

    එහෙත් අද පස්වරු 1 ට පෙර ද ඇතැම් ප්‍රදේශවල විනාඩි 45 බැගින් වූ විදුලි බිඳවැටීම් වාර්තා විය.

    ඩොලර් ලබාදීමත් සමගම ඊයේ දිනයේදී නැව් දෙකකින් තෙල් ගොඩබෑම සිදු කෙරුණි.

    එයින් තෙල් මෙට්‍රික් ටොන් දස දහසක් විදුලිබල මණ්ඩලයට ලබාදීමට එම අවස්ථාවේදීම කටයුතු කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

    එහෙත් ඊයේ පස්වරුවේ සිටම කොට්ඨාස මට්ටමින් විවිධ පළාත්වල පැයකට අධික විදුලි කප්පාදු කිරීම් වාර්තා විය.

    පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය කියා සිටියේ ඊයේ දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුවන බවයි.

    දිවා කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවුනත් පස්වරු 2.30 න් පසු යම් කාල සීමාවකට විදුලි කප්පාදුවක් සිදුවන බව අද දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු පද්ධති පාලන එරංග කුඩාහේවා මහතා පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img