තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල්වලින් විදුලිය අරන් ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවට වැඩක් නෑ

    තෙල්වලින් විදුලිය අරන් ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවට වැඩක් නෑ

    පුනර්ජනනීය බලශක්තිය මෙරට තුළ ප්‍රවර්ධනය නොකොට විදුලි වාහන ගෙනඒමෙන් ඉන්ධන අරපිරිමැස්මක් සිදු නොවන බව බලශක්ති අමාත්‍ය, කැබිනට් සම ප්‍රකාශක උදය ගම්මන්පිළ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ විදුලි වාහන මෙරට තුළ ප්‍රචලිත කිරීම අනාගතයේ ඉන්ධන පිරිමැස්ම ඇති කිරීමට ඉතා සුදුසු තීරණයක් බවය.

    එහෙත් ඊට පෙර පුනර්ජනනනීය විදුලි ප්‍රභවයන් විශාල ප්‍රමාණයක් සතු රටක් වන අප එම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. මූලිකව සිදුවිය යුත්තේ එය යැයි ද හෙතෙම කියාසිටී.

    එසේ නොකොට විදුලි වාහන ගෙන්වීමෙන් ඵලක් නැති බවට ද ඔහු කියාසිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img