තවත්
    මුල් පිටුවදේශීය පුවත්තදබදය ඇති තැන් හතරකට නව ගුවන් පාලම්

    තදබදය ඇති තැන් හතරකට නව ගුවන් පාලම්

    හංගේරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගත් මූල්‍ය සහයෝගිතාව පදනම්කරගෙන නව ගුවන් පාලම් 04 ක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය ආවරණය වන ලෙස එක් ගුවන් පාලමක්ද, සෙසු පාලම් පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය යන මංසන්දි ආවරණය වන ලෙසත් ඉදිකිරීමට සැළසුම්කර තිබේ.

    හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතීන බව අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img