තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාර්තුවේ සිට මාස 5ක් යාපනයට කෝච්චි නෑ

    මාර්තුවේ සිට මාස 5ක් යාපනයට කෝච්චි නෑ

    මාර්තු 1 වැනිදා සිට මාස පහක කාලයක් උතුරු දුම්රිය මාර්ගායේ කොටසක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

    මෙම කාලය තුළ සියලුම දුම්රිය අනුරාධපුරය දක්වා පමණක් ධාවනය කෙරෙන බව සඳහන් ය.

    කිලෝමීටර් 120ක උතුරු මාර්ගයේ අනුරාධපුර සිට වවුනියාව දක්වා කොටසේ ප්‍රධාන වැඩිදියුණු කිරීම් සඳහා මෙලෙස වසා තැබේ.

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම කොටස ඇමෙරිකානු ඩොලර් මිලියන 92 ක වියදමින් නවීන ප්‍රමිතීන්ට අනුකූලව වැඩිදියුණු කරන බවයි.

    උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන පහසු සහ කෙටි ගමන් කාලයකින් පහසු කිරීම මෙම වැඩිදියුණු කිරීමේ ප්‍රධාන අරමුණ බව එම දෙපාර්තමේන්තුව කීය.

    උතුරු දුම්රිය මාර්ගයේ දැන් පැයට කිලෝමීටර 80ක වේග සීමා සහිතව දුම්රිය ධාවනය කෙරේ.

    මෙම කොටස අලුත්වැඩියා කිරීමෙන් පසු පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයකින් දුම්රිය ධාවනය කළ හැකිය.

    මෙමගින් උතුරු පළාතේ මගීන්ට ආරක්ෂිත, කාර්යක්ෂම සහ සුවපහසු ප්‍රවාහනයක් සපයමින් යාපනය බලා යන දුම්රියන්ට උපරිම වේගයෙන් ගමන් කිරීමට හැකි වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img