fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ගල් අඟුරු බලාගාර හදන්න අවසර දෙන්නෙ නෑ"

    “ගල් අඟුරු බලාගාර හදන්න අවසර දෙන්නෙ නෑ”

    ඉදිරියේ දී අලුතින් ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට අවසර ලබා නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී මේ වනවිට රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

    ඉදිරියේදී වාහන ආනයනයට රජය අවසර දෙන අතර විදුලි වාහන ආනයනයට ප්‍රමුඛත්වය දෙන බව ජනපති කියයි.

    “වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් සියයට 20 ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා.
    මෙලෙස ආනයනය කරන තෙල්වලින් සියයට 70ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා සියයට 21 ක් පමණ වැයවෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ සියයට 4ක් පමණයි. ඉදිරියේ දී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි.”

    හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    “රටේ ජනතාවට තිබූ මූලික ගැටලුව ජාතික ආරක්ෂාව බව අද ජනතාවට අමතක වෙලා. බන්ධනාගාර බස්වලට වෙඩි තැබූ, පාරේ ගමන් ගත් ජනතාව පාතාල සටන්වලට මැදි වූ යුගයක් තිබුණා. පසුගිය අවුරුදු දෙක තුළ එවැනි කිසි දෙයක් සිදුවූයේ නෑ. මගේ පාලන කාලය තුළ කිසිදු මානව හිමිකම් කඩවීමට ඉඩ දී නෑ. ” යයිද ජනාධිපතිවරයා එහිදී කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.