තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොරොන්දු ඉටුකරමින් ප්‍රියන්ත කුමාරගේ පවුලට පාකිස්ථානයෙන් අරමුදල් හා වැටුප් ‍

    පොරොන්දු ඉටුකරමින් ප්‍රියන්ත කුමාරගේ පවුලට පාකිස්ථානයෙන් අරමුදල් හා වැටුප් ‍

    පාකිස්ථානයේ සියල්කොට්හිදී අන්තවාදීන් පිරිසක් අතින් අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ලබාදෙන අරමුදල සහ ඔහුගේ වියෝවෙන් පසු ලබාදෙන පළමු වැටුප ඔහුගේ බිරිඳගේ ගිණුමට අදාළ සමාගම විසින් බැර කළ බවට පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා නිවේදනය කර තිබේ.

    ඒ අනුව රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් අමෙරිකානු ඩොලර් 100000 ක් සහ පළමු වැටුප ලෙස ඩොලර් 1667 ක මුදල් බැර කර ඇති බව අගමැතිවරයා පවසා ඇත.

    ප්‍රියන්ත මහතා සේවයේ යෙදෙමින් සිටියදී එහිම සේවකයන් හා පිටස්තර පිරිසක් අතින් ඝාතනයට ලක්වූ අතර ඉදිරි වසර 10 සඳහා සමාගම විසින් ඔහුගේ වැටුප දරුවන් දෙදෙනකු සිටින කුමාර මහතාගේ බිරිඳට දීමට පො‍රොන්දු විය.

    මේ බව නිවේදනය කරමින් අදාළ ලියකියවිලි ද ප්‍රසිද්ධියට පත්කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img