තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ දිවියට සමුදෙයි

    ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ දිවියට සමුදෙයි

    ඉතාලියේ – මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටි ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

    හෘදයාබාධයකින් අද උදෑසන ඇය අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන් ය.

    චිත්‍රපට 67ක පමණ පසුබිම් ගායනය කර ඇති අය ගැයූ ගීත විශාල සංඛ්‍යාවක් අතිශය ජනප්‍රියත්වයට පත්විය.

    පාරමි දම්, සුදු මුතු රළ පෙළ, පෙම් සිලිලාරේ, දෑතට වළලු, මාස්ටර් සර්, වියෝ ගී, පුංචි සිතේ පුංචි සිනා, මගේ ලොවට ඔබ වඩින තුරා, කීන දම් මිටක්, බෝධියේ විහාරයේ, දවසක් දෑ රෑ වසන්ත සැණකෙලියේ, යාළුවේ සිතින් හඬන්නෙපා ආදී ගීත රසික රසිකාවියන් එදා මෙන්ම අදටත් හද බැඳ තබාගත් ගීත ගොන්න අතර වේ.

    ඇය මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස පත්වූයේ පසුගිය වසරේදී ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img