fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වෘත්තිය සමිති මුදල් අමාත්‍යංශයට

    වෘත්තිය සමිති මුදල් අමාත්‍යංශයට

    බදු වර්ග ගණනාවක් ඇතුළත් කරමින් රජය විසින් හඳුන්වා දී තිබෙන නව විශේෂ භාණ්ඩ හා සේවා බද්දට විරෝධය පළකරමින් අනිද්දා (18) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙන බව වෘත්තීය සමිති සඳහන් කරයි.

    මෙම විරෝධතාවය සදහා ශ්‍රී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ඇතුළු තවත් වෘත්තීය සමිති එක්වීමට නියමිතව ඇත.

    මත්පැන්, සිගරට්,වාහන, විදුලි සංදේශ සේවා, ඔට්ටු හා සූදු බදු, කැෂිනෝ බදු ඇතුළු බදු වර්ග ගණනාවක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් වශයෙන් නම් කර වෙනම පනත් කෙටුම්පතක් සම්මත කර භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙක්ගේ අධීක්ෂණයෙන් විශේෂ ඒකකයක් යටතේ පරිපාලනය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

    මෙතෙක් එම බදු ආදායම් ලබාගෙන රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබුවේ දේශීය අදායම් දෙපාර්තමේන්තුව,රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසිනි .

    එහෙත් මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙන නව බදු පනත් කෙටුම්පත මඟින් රජයට එකතු වන බදු ආදායම් බැර වන්නේ පෞද්ගලික ගිණුමකට බවයි ඔවුන් සඳහන් කරන්නේ.

    මේ වන විට එම නව බදු ප්‍රතිපත්තියට දේශීය ආදායම් දෙපාර්තමේන්තු සහ රේගු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සිය විරෝධය පළකර ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.