fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපති හදිසියෙම කූරගල යයි

    ජනපති හදිසියෙම කූරගල යයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16) පස්වරුවේ හදිසියේම ඓතිහාසික කූරගල පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද කූරගල පුදබිම කේන්ද්‍රකරගෙනයි.

    දැනට එහි පවතින ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණ චාරිකාව අතරතුර දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා ඇති අතර එය මහ රහතන් වහන්සේලා වැඩ සිටි බව කියන ගල් ලෙන් 13කින් සමන්විතය.

    කූරගල පුදබිමේ දැනට ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් සොයා බැලූ ජනාධිපතිවරයා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.