fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති නාමල් නිසා භානුක යළි පිටියට

    ඇමති නාමල් නිසා භානුක යළි පිටියට

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය වෙනස් කරගෙන තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්ව පවසන්නේ භානුකගේ මෙම තීරණය තමන්ට නිල වශ‍යෙන් දැනුම් දුන් බවය.

    ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මුණ ගැසුණි.

    ම හමුවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා භානුක ගත් තීරණය සමබන්ධයෙන් නැවත සළකා බලන ලෙස දෙවැනි වතාවටත් ඉල්ලා සිට ඇත.

    එම ඉල්ලීමට එකඟවීමෙන් පසු භානුක මෙලෙස ඔහුගේ තීරණය වෙනස් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.