තවත්
    මුල් පිටුවCOVIDඉදිරි සතිවලදී යුරෝපයෙන් භාගයකට ඔමික්‍රෝන් වැළදෙයි - ලෝක සෞඛ්‍ය සංවිධානය

    ඉදිරි සතිවලදී යුරෝපයෙන් භාගයකට ඔමික්‍රෝන් වැළදෙයි – ලෝක සෞඛ්‍ය සංවිධානය

    ඉදිරි සති කිහිපය තුලදී යුරෝපයේ ජනගහනයෙන් අඩකට නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුර අඟවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කළාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය හෑන්ස් ක්ලූග පවසන්නෙ ඩෙල්ටා ප්‍රභේදය සමගින්ම ඔමික්‍රෝන් ප්‍රභේදය යුරෝපා කළාපයේ සීඝ්‍රයෙන් පැතිර යන ඇති බවයි.

    2022 වර්ෂයේ මුල් සතිය තුල වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව පදනම් කරගෙන මෙම උපකල්පනය සිදුකර ඇත.

    ඒ අනුව ඉදිරි සති 6ත් 8ත් අතර කාලයේදී මෙලෙස  ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුවිය හැකි බව වෛද්‍ය ක්ලූග පෙන්වාදෙයි.

    ඉදිරියේදී ඔමික්‍රෝන් ප්‍රභේදය යුරෝපා කළාපය තුල විශාල රැල්ලෙක් මෙන් පැතිරයාමේ අවධානමක් පවතින බවද එම තත්ත්වය පාලනය කිරීමට සියලුමදෙනා එක්ක කටයුතු කළයුතු බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img