fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයේ කෝටි දෙකක් නිවස්වල සිරවෙයි

    චීනයේ කෝටි දෙකක් නිවස්වල සිරවෙයි

    ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ කෝටි දෙකකට ආසන්න ජනතාවකට සිය නිවෙස්වලින් පිටවීම තහනම් කරමින් සංචරණ සීමා පැනවීමට චීනය තීරණය කර ඇත.

    කෝටි දෙකකට අධික ජනතාවට සිය නිවෙස්වලින් පිටවීම තහනම් කරමින් සංචරණ සීමා පැනවීමට චීන රජය පියවරගෙන ඇත.

    මේවන විට චීනය පුරා සීඝ්‍රයෙන් නව ඔමික්‍රෝන ප්‍රභේදය පැතිරයාමත් සමඟ මෙම සංචරන සීමා පැනවීමට චීන රජය තීරණය කර තිබේ.

    ඒ අනුව චීන රජය එරට ප්‍රධාන නගර තුනක් වන ෂියාන්, අන්්‍යන්, යූජෝ සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. ෂියාන් නගරයේ පුද්ගලයින් එක්කෝටි තිස් ලක්ෂයක් අධික පිරිසක් ජීවත්වන අතර අන්්‍යන් නගරයේ ලක්ෂ පනස් පහකට අධික පිරිසක් සහ යූජෝ හී ලක්ෂ එකොලහකට අධික පිරිසක් ජීවත්වේ.

    අන්්‍යන් නගරය ඊයේ වසා දෑමීමට තීරණ කර ඇත්තේ එම නගරයෙන් ඔමික්‍රොන් ආසාදිතයනි් දෙදෙනෙකු හමුවීමත් සමඟයි. චීන එරට තුල කොරෝනා වෛසරය ව්‍යාප්තව වීම වැලැක්වීමට දැඩි පියවර ගනු ලබයි.

    ඒ අනුව එක් රෝගියෙකු හමුවුවත් ලක්ෂ ගණනක් ජීවත්වන නගරයක් වුවද වසා දැමීමට චීන රජය පසුබට නොවන අතර එරට ජනතාවට නිරන්තරයෙන් දැඩි පරීක්ෂා කිරීමට භාජනය කරනු ලබයි.

    මේ අතර යූජෝ නගරය ලබන මස ශීත සෘතු ඔලිම්පික් උළෙලද පැවැත්වෙන බීජිං නුවර පැවැත්වෙන අතර ඊටද මෙම තත්ත්වය බලපෑ හැකි බවද ඇතැම් බටහිර මාධ්‍ය වාර්තාකරයි.

    එසේම කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ හොංකොන් හී ප්‍රථමික පාසල් වසා දෑමීමටද බලධාරීන් පියවරගෙන තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.