තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා ෂෙඩ් ගණනාවක් අද වසාදමයි

    රටපුරා ෂෙඩ් ගණනාවක් අද වසාදමයි

    දිවයින පුරා ප්‍රදේශ ගණනාවක අද පෙරවරුවේ සිට ඉන්ධන හිඟයක් පවතින බව වාර්තා වේ.

    කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ඇතැම් ඉන්දන අලෙවිසල් අද පෙරවරුවේ සිට වසා දමා තිබූ අතර ‘ඉන්ධන නැත’ යනුවෙන් ලියූ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණ.

    තමන්ට නියමිත පරිදි ඉන්ධන තොග නොලැබුණ හෙයින් ඉන්ධන අලෙවිසල් වසා දැමූ බව ඉන්ධන සල් හිමියෝ පැවැසූහ.

    මේ පිළිබඳ කළ විමසුමකදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඩොලර් හිඟය නිසා ඉන්ධන ආනයනය සීමා වී ඇති බවය.

    එහෙත් කෙසේ හෝ අද පස්වරුව වන විට ඉන්ධන සැපයීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img