තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවි සහ මත්ද්‍රව්‍ය සමඟ සිංගප්පූරු ජාතිකයෙක් එස්.ටී.එෆ් දැලේ

    අවි සහ මත්ද්‍රව්‍ය සමඟ සිංගප්පූරු ජාතිකයෙක් එස්.ටී.එෆ් දැලේ

    මෙරට රැදී සිටින සිංගප්පූරු ජාතිකයෙකු ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය කිහිපයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පැලවත්ත පහලවෙළ පාරේ නිවසක පදිංචිව සිටි මෙම සිංගප්පූරු ජාතිකයාගේ නිවස පරීක්ෂකාර එහි තිබී හෑස් ඔයිල් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සමඟ සොයාගත් ආයුධ අතර ජර්මනියේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ වැඩිදියුණු කළ පිස්තෝලයක් හැඩැති කුඩා දුන්නක් සහ ඊට යොදන ඊතල 21 ක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ. සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිස් ස්ථානයට භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img