තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාර්ථක ඌරු හදවත් බද්ධය

    සාර්ථක ඌරු හදවත් බද්ධය

    දරුණු හදවත් රෝගයකින් පෙළුණු පුද්ගලයෙකුට සාර්ථකව ජානමය වශයෙන් වැඩිදියුණු කළ ඌරකුගේ හදවතක් බද්ධ කිරීමට වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබේ.

    ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් පිරිසක් මෙම සැත්කම සිදුකර ඇත.

    ඒ අනුව සැත්කම මේවන විට සාර්ථක බවත් රෝගියාගේ තත්ත්වය මේවන විට සාමාන්‍ය බවද වෛද්‍යවරුන් සඳහන් කරයි.

    “මෙය ඉතාම සුවිශේෂී සැත්කමක්. මෙමගින් ජානමය වැඩිදියුණු කළ අවයව බද්ධ කිරීම සාර්ථක බවද පෙන්නුම් කරනවා,” යනුවෙන්  සැත්කම සිදුකළ වෛද්‍ය බාට්ලි ග්‍රිෆිත් පවසයි.

    වෛද්‍ය ග්‍රිෆිත් පෙන්වාදෙන ආකාරයට අවයව බද්ධ කිරීමට ඇති විශාලතම අභියෝගය වන්නෙ ප්‍රමාණවත් දායකයි නොමැති වීමයි.

    ඒ අනුව මෙම නව ජානමය වශයෙන් වැඩිදියුණු කළ අවයව ඉදිරියේදී එම හිඟයට සාර්ථක විසදුමක් බවද වෛද්‍ය ග්‍රිෆින්  වැඩිදුරටත් පෙන්වාදෙයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img