තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන විදේශ ඇමති ලංකාව එක්ක ගිවිසුම් 4කට එළඹෙයි

    චීන විදේශ ඇමති ලංකාව එක්ක ගිවිසුම් 4කට එළඹෙයි

    මෙරට නිල සංචාරයකට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් ගී මහතා සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් ගිවිසුම් හතරකට අත්සන් තබා තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ඉදිරියේ පහත සඳහන් ගිවිසුම්වලට අත්සන් තැබූණේ ඊයේ (9) පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව යි.

    එහිදී පහත සඳහන් ගිවිසුම් වලට එළැඹ ඇත.

    ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම, කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා වන සහනාධාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය,
    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය භාරදීමේ සහතිකය, වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ සඳහා වන තාක්ෂණික සහයෝගිතාවට අදාළ ව්‍යාපෘතිය භාර දීමේ සහතිකය යන ගිවිසුම්වලට මෙහිදී අත්සන් තැබිණ.

    කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වාණිජ නියෝජ්‍ය අමාත්‍ය කියැංග් කෙමින්ග්, සහකාර විදේශ අමාත්‍ය තානාපති වූ ජියැංග්ෂාඕ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොංග් යනාදීහු ශ්‍රී ලංකාවේ සහ චීනයේ නියෝජිත පිරිස නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img