තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජන ජීවිතයට බාධා නොවන ලෙස විදුලි අර්බුදයට විසඳුම් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස්

    ජන ජීවිතයට බාධා නොවන ලෙස විදුලි අර්බුදයට විසඳුම් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස්

    ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට අද (10) උපදෙස් ලබා දී තිබේ.

    විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී ඇත.

    ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව එහිදී නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

    ශ්‍රී ලංකාව සතු ගල් අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බවත් එම නිලධාරීන් වැඩිදුරටත් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img