තවත්
    මුල් පිටුවCOVIDඅලුත්ම එක: ඩෙල්ටාක්‍රෝන්

    අලුත්ම එක: ඩෙල්ටාක්‍රෝන්

    ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ඒකාබද්ධ වූ Covid-19 විකෘතියක් සයිප්‍රසයෙන් හමුවී තිබේ.

    සයිප්‍රස් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ජෛව තාක්‍ෂණ හා අණුක වෛරස් විද්‍යාගාරයේ ප්‍රධානී ලියොන්ඩියෝස් කොස්ට්‍රිකිස් පවසන පරිදි,
    “දැනට omicron සහ delta co-infections පවතින අතර මෙම දෙකෙහි එකතුවක් වන මෙම වික්‍රියාව අපට හමු විය,”

    ඩෙල්ටා ජෙනෝමයන් තුළ ඔමික්‍රෝන් වැනි ජානමය අනන්‍යතා හඳුනා ගැනීම හේතුවෙන් මෙම සොයා ගැනීම “ඩෙල්ටක්‍රෝන්” (Deltacron) ලෙස නම් කර ඇති බව ඔහු පැවසීය.

    ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් එවැනි අවස්ථා 25ක් හඳුනාගෙන ඇති අතර සංඛ්‍යාලේඛන විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ Covid-19 හේතුවෙන් රෝහල් ගත කර ඇති රෝගීන් අතර ඒකාබද්ධ ආසාදනයේ සාපේක්ෂ සංඛ්‍යාව රෝහල්ගත නොවන රෝගීන්ට සාපේක්ෂව වැඩි බවයි.

    ඩෙල්ටක්‍රෝන් අවස්ථා 25 ක අනුපිළිවෙල ජනවාරි 7 වන දින වෛරසයේ වෙනස්වීම් නිරීක්ෂණය කරන ජාත්‍යන්තර දත්ත ගබඩාව වන GISAID වෙත යවා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img