තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සපුගස්කන්ද පිරිපහදුව යළි සක්‍රිය වෙයි

    සපුගස්කන්ද පිරිපහදුව යළි සක්‍රිය වෙයි

    සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන ජනවාරි 26 වැනිදා යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    මේ මස 23 වැනිදා බොරතෙල් තොගයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය කියයි.

    ඒ අනුව සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගනු ඇත.

    රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ බොරතෙල් මිලදී ගැනීමේදී ඇති වූ දුෂ්කරතා හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ජනවාරි 03 වැනිදා තාවකාලිකව වසා දැමුණි.

    කෙසේ වෙතත්, සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමුවද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවට බලශක්ති අමාත්‍යාංශය සහතික වෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img