තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නකින් තරුණයෙක් මරුට

    සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නකින් තරුණයෙක් මරුට

    රත්මලාන, සොයිසාපුර නිවාස සංකීර්ණයේ නිවසක ඊයේ (7) ඇති වූ ගින්නකින් එහි පදිංචිකාර 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.

    ඊයේ දින දහවල් කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් තුළ ඇති වූ ගින්නක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ තරුණයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවට ගල්කිස්ස පොලීසිය පවසයි.

    මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය 2022.01.08 වන දින සිදු කිරීමට නියමිතය.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img