තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද විදුලි කැපිල්ල ගැන CEB කියන දේ..

    අද විදුලි කැපිල්ල ගැන CEB කියන දේ..

    අද(08) විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    ඊයේ සහ පෙරේදා දිනයන්හිදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විවිධ වේලාවන්හිදී විදුලි කප්පාදු සිදුවිය.

    අක්‍රියව තිබූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය අද පෙරවරුවේ යථා තත්ත්වයට පත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    විදුලි ජනන යන්ත්‍රය හෙට වනවිට ආරම්භ කළ හැකි බව අපේක්ෂා කෙරේ.

    කැලණිතිස්ස බලාගාරයේ වසර 20ක් පැරණි මෙගාවොට් 115 GT-7 විදුලිබලාගාරයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇනහිටීම් සිදුවිය.

    ඒ අනුව එහි නඩත්තු කටයුතු කඩිනම් කර අද අලුයම 4.00 වන විට එය අවසන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img