තවත්

    බසයක් පෙරළෙයි

    හැටන්, සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ඇන්ෆිල්ඩ් ප්‍රදේශයේ දී බස් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී අද (08) පෙරවරුවේ ප්‍රපාතයකට පෙරළී තිබේ.

    එම අවස්ථාවේදී බස් රථය තුළ කිසිඳු මගියෙකු සිට නොමැති අතර බස් රථයට දැඩි හානී සිදුව ඇත.

    අනතුරට ලක්වු බස් රථය එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකි.

    සිය ගමන් වාරය ආරම්භ කිරීම සඳහා රියදුරු විසින් බස් රථය පනගන්වා ඉදිරියට ධාවනය කරන අවස්ථාවේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඉදිරියට ධාවනය වී ප්‍රපාතයට පෙරළීගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img