තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාත්‍රි විදුලි කැපිල්ලට අද සිට සහනයක්

    රාත්‍රි විදුලි කැපිල්ලට අද සිට සහනයක්

    රාත්‍රි විදුලිය කැපීමේ කාලය
    අද(08) සිට අඩු කිරීමට හැකියාව ලැබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    එහි සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා සඳහන් කළේ , සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා අවශ්‍ය දැවි තෙල් තොග ලබා දීමට ඊයේ පැවැති සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාව එකඟ වූ බවයි.

    මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ඛනිජ තෙල් ආනයනයට අවශ්‍ය ඩොලර් සපයා දීමට ලංකා විදුලි බල මණ්ඩලය එකඟ වූ බවයි.

    ඒ අනුව මණ්ඩලයට අවශ්‍ය දැවි තෙල් බාධාවකින් තොරව සැපයීමට හැකි බව ඔහු පැවසුවේ ය.

    තෙල් හිඟය හේතුවෙන් විදුලි බල ජනනයේ ගැටලුවක් මතුවීමත් සමග ඊයේ රාත්‍රියේ 5.30 ත් 9.30 ත් අතර කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට අදියර 4 ක් යටතේ පැයක කාලයක් විදුලි බලය අත්හිටවනු ලැබුවේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img