තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිබලේ මහ පුටුවක ලොකු පලහිලව්වක්

    විදුලිබලේ මහ පුටුවක ලොකු පලහිලව්වක්

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැට දෙකක් බවට එහි පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබෙන අතරවාරයේ වර්තමාන සාමාන්‍යාධිකාරිවරයා අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පියවර ගෙන ඇතැයි ලංවීම ජේෂ්ඨ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය චෝදනා කරයි.

    ලංකාවේ විදුලි බල මණ්ඩලයේ සේවකයින් විශ්‍රාම යන වයස අවුරුදු හැට දෙකක් ව තිබියදී වෙනත් වෘත්තීය සමිතියක අවශ්‍යතාවය මත විදුලිබල මත වරයා වර්තමාන සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග මහතා විශ්‍රාම ගැන්වීමට පියවර ගෙන ඇතැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසීය.

    මේ අතර ලංකා විදුබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරිවරයා ලෙස සමන් අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන්ත අබේසේකර මහතා පත් කිරීමට ඇමතිවරයා පියවර ගෙන ඇතැයි ඔහු සදහන් කළේය.

    ඉකුත් දෙසැම්බර් මස 2 විදුලි බිදවැටීමක් සම්බන්ධයෙන් ජේෂ්ඨ ඉංජිනේරුවකු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ අවස්ථාවේදී රොහාන්ත අබේසේකර මහතා ඔහුට බැණ තර්ජනය කොට පැමිණිල්ල ඉවත් කරවාගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සටහනක් තිබෙන බවද නන්දික පතිරගේ මහතා පැවසීය.

    එය අනුව ලංකා විදුලිබල මණ්ඩලය නව සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කිරීමට යන්නේ අපරාධ විමර්ශනයට බාධා පුද්ගලයෙකු බවද හෙතෙම සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img