තවත්
    මුල් පිටුවCOVIDඇමරිකාවට ඔමික්‍රෝන් සුනාමියක් - දවසට ආසාදිතයින් ලක්ෂ 10ක්

    ඇමරිකාවට ඔමික්‍රෝන් සුනාමියක් – දවසට ආසාදිතයින් ලක්ෂ 10ක්

    ඇමරිකාවෙන් සඳුදා දිනයේදී පමණක් නව කොරෝනා ආසාදියින් ලක්ෂ දහයකට අධික පිරිසක් හදුනාගනිමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.

    ඒ අනුව සඳුදා දිනයේදී පමණක් නව ආසාදිතයින් දසලක්ෂ අසූ දෙදහස් පන්සිය හතලිස් නවයක් හදුනාගෙන ඇති බව ජෝන් හොප්කින් විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

    මේ අතර ගතවූ දින හතක කාලය තුල එක් දිනකට ආසාදිතයින් තුන්ලක්ෂ හැට තුන්දහස් පන්සිය අනූ දෙකක සාමාන්‍යක් වාර්තා වී ඇති බවද එම විශ්ව විද්‍යාලය පෙන්වාදෙයි.

    ඇමරිකාව පුරා මේවන විට දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

    එමෙන්ම මේවනවිට ඇමරිකාවේ රෝහල් තුල කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ තුන් දහසකට අධික පිරිසක් ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවද වාර්තා වේ.

    කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් පන්කෝටි හැට එක් ලක්ෂ අසූ නව දහස් පන්සිය හතලින් හතක් වාර්තා වී තිබේ.

    මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමරිකාව තුල පුද්ගලයන් අටලක්ෂ විසි හත් දහස් හත්සිය හතලිස් අටක් මරණයට පත්ව ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img