තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවක දීමනාවට මුදල් හොයාගත්ත බිලියන 53 දුන් කෙනා බැසිල් හෙළිකරයි

    රාජ්‍ය සේවක දීමනාවට මුදල් හොයාගත්ත බිලියන 53 දුන් කෙනා බැසිල් හෙළිකරයි

    ගෙවුණු මාස 6 තුළදී රාජ්‍ය අමාත්‍යාංශ විසින් වියදම් අඩු කොට රුපියල් බිලියන 53ක් ඉතිරි කර දුන් බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතනයවල අනවශ්‍ය වියදම්, දූෂණය හැකි උපරිමයෙන් කපා හැ‍ර වියදම් ද අවම කර දෙන ලෙසට අමාත්‍යාංශවලින් කරන ලද ඉල්ලීම හේතුවෙන් මෙම මුදල එම ආයතන විසින් මහ භාණ්ඩාගාරයට ඉතිරි කර දී ඇති බවය.

    මේ නිසා රජයේ සේවකයන්ට මෙලෙස දීමනා සහනයක් ලබාදීමට හැකියාව ලැබූ බව මුදල් ඇමතිවරයා කීය.

    මේ වසරේදීත් එලෙස අනවශ්‍ය වියදම් කපාහැර, නාස්තිය අවම කොට, දේශීය නිෂ්පාදනය වැඩි කිරීම කරනු ඇති බව ද හෙතෙම අපේක්ෂා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img