තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෂාටා අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

    ෂාටා අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

    සංචාරක මඟ පෙන්වන්නෙක් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතා ඇත.

    උදයංග ලක්මාල් නොහොත් ෂාටා නමින් හදුන්වන මෙම පුද්ගලයා මාකදුරේ මධුෂ්ගේ සමීපතයෙක් ලෙස කලක් කටයුතු කළ පුද්ගලයෙකි. මේ වන විට හරක් කටා නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ මත්කුඩු ඡාවාරම මෙහෙයවන්නේ මෙම පුද්ගලයා බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හදුනාගෙන තිබේ.

    පොලිස් මූලස්ථානය අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් සහය පැතුවේ මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සහය වන ලෙසය. මේ වන විට සැඟව සිටින මෙම පුද්ගලයා වැලිගම කෝවිල් කන්දේ පදිංචිකරුවෙකි.

    මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ 071-8592727 දුරකතන අංකයට හෝ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ 011-2343333 හෝ 011-2343334 යන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img