තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකා ආරක්ෂක ලේකම්ටත් කොරෝනා

    ඇමරිකා ආරක්ෂක ලේකම්ටත් කොරෝනා

    ඇමරිකානු ආරක්ෂන ලේකම් ලොයිඩ් ඔස්ටින් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තාවේ.

    ආරක්ෂක ලේකම්වරයාටගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔහු මේවන විට සිය නිවසේදී නිරෝධායනයට ලක්වෙන බවද ඇමරිකානු රජය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ ඔහු අවසන් වරට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් 21 වැනිදා හමු බවයි. ඒවන විට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණ බවත් එදින කළ කොරෝනා පරීක්ෂාවේදී වෛරසය ආසාදන වී ඇති බවට හඳුනාගෙන නොතිබුණ බවද ඔහු සඳහන් කරයි.

    “මම අදාල බලධාරීන්ටත් ජනාධිපතිවරයාටත් මම කොරෝනා වෛරසය ආසාදිත බව දැණුම්වත් කිරීම් කර තිබෙනවා. මේවන විටත් මගේ ආශ්‍රීතයින් හදුනා ගැනීමටත් ඔවුන්ව පරීක්ෂා කිරීමත් සිදුකෙරෙමින් පවතිනවා.” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබිණි.

    හැට අටවන වියේ පසුවන ඔස්ටින් ඇමරිකා ආරක්ෂක හමුදාවේ සේවය කළ ජේ්‍යෂ්ඨ තරු හතරේ හමුදා ජෙනරල්වරයකුද වේ. ඔස්ටින් ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී සිය තෙවන මාත්‍රාවද ලබාගෙන තිබිණි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img