තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩෙංගු දෙගුණ වෙලා

    ඩෙංගු දෙගුණ වෙලා

    ඉකුත් වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙක තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම දෙගුණ වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

    ඩෙංගු අවධානම වැඩි දිස්ත්‍රික්ක 15 ක හෙට (4) සිට ලබන (10) වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කළා.

    ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 81ක එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

    මේ වනවිට නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් තිබෙන බව කී වෛද්‍ය සමරවීර මහතා ඩෙංගු ව්‍යාපෘතිය අවම කිරීමට ගෘහස්ථ පිරිසිදු බව ඉතා වැදගත් බවද සඳහන් කළා.

    නිරන්තරයෙන්ම දෛනික පුරුද්දක් ලෙස ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා විනාශ කරන ලෙසත් අනුමත මදුරු කීට නාශක යොදා කීටයන් විනාශ කරන ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img