තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයට ගත් උපාධිධාරීන් ස්ථිර කිරීම අද සිට

    රාජ්‍ය සේවයට ගත් උපාධිධාරීන් ස්ථිර කිරීම අද සිට

    රජයේ සේවයට බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් 50,000ක් ස්ථිර සේවයට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වේ.

    ඒ යටතේ ප්‍රථම අභ්‍යාසලාභී උපාධිධාරීන් කණ්ඩායම ලෙස උතුරු පළාතේ උපාධිධාරින් පිරිස ස්ථිර සේවයේ රාජකාරි භාර ගැනීම සිදු කර ඇත.

    යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්වල අභ්‍යාසලාභී උපාධිධාරීන් 456 දෙනෙකු ස්ථිර පත්වීම් ලැබ අද රාජ්‍ය සේවයේ රාජකාරි ආරම්භ කරනු ලබයි.

    ඔවුන් සියලු දෙනා රජයේ පාසල්වල සංවර්ධන නිලධාරීන් ලෙස පත් කර තිබේ.

    තවත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 972 ඉදිරි දිනවලදී ස්ථිර පත්වීම් ලබාදිමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img