තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුහුදේ නෑ තරුණයන් 2ක් බිලිගනී - අයෙක් අතුරුදන්

    මුහුදේ නෑ තරුණයන් 2ක් බිලිගනී – අයෙක් අතුරුදන්

    මීගමුව දුන්ගල්පිටිය කැපුන්ගොඩ වෙරළේ නැංගූරම් තොටුපල වෙරළ තීරයේ ඊයේ (01) සවස දිය නාමින් සිටි තරුණයින් 05 දෙනෙකු රළ පහරට හසු වී ගසාගෙන ගොස් ඇත.

    එහිදී එක් තරුණයෙකු දිය පහරට හසු වී අතුරුදන් ව තිබේ.

    පොලීසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අනෙක් සිව්දෙනා බේරාගෙන රෝහල්ගත කර තිබ්ණි.

    එහිදී දෙදෙනෙකු මිය ගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 23ක් වන පමුණුගම හා ඒකල ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් ය.

    අනෙක් දෙදෙනා ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරු රෝහලෙන් පිටව ගොස් ඇත.

    අවුරුදු 21ක් වන අඹේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දියේ ගිලි අතුරුදන් වු අනෙක් තරුණයා සේවීමේ කටයුතු මේවනවිට සිදුකෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img