තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් අවුලේ යටින් සිදුවන දේ ගැන ආණ්ඩුවේ කෙනෙක් හෙළිකරයි

    ගෑස් අවුලේ යටින් සිදුවන දේ ගැන ආණ්ඩුවේ කෙනෙක් හෙළිකරයි

    ගෑස් ආනයනය කිරීමට රාජ්‍ය සමාගමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩකටයුතු රජය විසින් මේ වනවිටත් සකස් කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ රටෙහි ගෑස් අර්බුදය විසදීම සදහා මෙම පියවර ගත යුතු බවය.

    මහනුවරදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    “ගෑස් ආනයනයට රජයේ ආයතනයක් අවශ්‍යයි. මේක පිටුපස වෙන දේවලුත් තියෙනවා. රජය විතරක් නෙවෙයි. මේ ගෑස් සමාගම් මිලදී ගන්න යම් පාර්ශ්ව වගයක් උත්සහ කරනවා. සමාගම් දෙකම එක තැනකට ගේන්න පාර්ශ්වයක් උත්සහ කරනවා.ඉතින් මේක යටතේ යට වෙන ප්‍රශ්නයක් තියෙනවා. පුපුරන එක නෙවෙයි. මේ හිඟය ඇතිකිරී‍ම තුළ යම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබෙනවා. බොරු කියන්න බෑ ජනතාවට. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අයත් මේ වෙද්දී බොරදියේ මාළු බානවා. ඒකට බැනුම් අහන්නේ රජය” යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img