fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහකන්නයේ කුඹුරු වගාව ගැන ගොවිජන කොමසාරිස්ගෙන් කොළ එළියක්

    මහකන්නයේ කුඹුරු වගාව ගැන ගොවිජන කොමසාරිස්ගෙන් කොළ එළියක්

    මෙවර මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර හත්ලක්ෂ විසි පන්දහසක වී වගා කර ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා NewsWaveLK වෙත පැවසීය.

    එමෙන්ම තවත් හෙක්ටයාර හැට දහසක පමණ වී වගා කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

    අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දැනටමත් වී වගා කර තිබේ.

    පසුගිය වසරේ මහ කන්නයේ හෙක්ටයාර හත්ලක්ෂ හැත්තෑ පන්දහසක වී වගා කර ඇති බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.