තවත්
    මුල් පිටුවදේශීය පුවත්සැහැල්ලු මගී ගුවන් යානයක් කිඹුලාපිටියේ වෙල් යායකට ගොඩබායි

    සැහැල්ලු මගී ගුවන් යානයක් කිඹුලාපිටියේ වෙල් යායකට ගොඩබායි

    සීගිරියේ සිට කොග්ගල බලපා පියාසර කරමින් තිබුණු සැහැල්ලු මගී ගුවන් යානාවක් මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසියේම ගොඩ බස්වා ඇත.

    ගුවන් යානාවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය එසේ ගොඩබෑමට නියමුවා පියවර ගෙන තිබේ.

    ගුවන් යානාව ගොඩබා ඇති ස්ථානය සහ කටුනායක ගුවන්තොටුපොළ අතර එතරම් දුරක් නොමැත.

    කටුනායක ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමුවා යම් උත්සහයක් ගෙන ඇතත් එය ව්‍යාර්ථවීමෙන් මෙසේ කිඹුලාපිටියට ගොඩබැස්සවීමට සිදුව ඇති බව සඳහන්ය.

    ගුවන් යානයේ සිටි මගීන්ගේ හෝ නියමුවාගේ සහ සහයක නියමුවරියගේ ජීවිතවලට හානියක් සිදුවී නැති අතර තිදෙනෙකුට සුුළු තුවාල සිදුව ඇත. ඔවුන් තිදෙනා කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. එසේ තුවාල ලබා සිටින්නේ නියමුවා, සහයක නියමුවරිය සහ මගී කාන්තාවකි.

    ගුවන් යානයට මෙම අනතුරින් හානි සිදුව ඇත.

    පයාගල වෙරළට ද ඉකුත් සතියේ සැහැල්ලු පුහුණු ගුවන් යානාවක් ගොඩබස්සවන ලද්දේ ද කාර්මික දෝෂයක් හේතුවෙනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img