fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පොලිස් වෙස්ගත් වාහන හොරු

    පොලිස් වෙස්ගත් වාහන හොරු

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අපරාධකරුවන් ගැන සොයන්නට යාමට යැයි කියා ලබාගන්නා කුළි වාහන වල රියදුරන් අතරමඟදී මත්කොට වාහන පැහැරගන්නා සංවිධානාත්මක ඡාවාරමකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

    කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කුළි ගමනක් ගිය මෝටර් රථයක රියදුරුට මත්පෙති වර්ගයක් දියකර ලබාදුන් පානයක් බීමට දී රථය පැහැර ගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී මෙම ඡාවාරම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබේ.

    ලක්ෂ 43 කට අධික වටිනාකමක් ඇති එම මෝටර් රථය මේ වන විට පොලීසිය සොයාගෙන ඇත. එම රථය නිවිතිගල පුද්ගලයෙකුට අඩු මිලකට විකුණා තිඉී ඇත. අත්අඩංගුවටගත් සැකකරු කිරිඇල්ල එපිටවල පදිංචි 33 වන වියැති පුද්ගලයෙකි.

    සීදුව ප්‍රදේශයේදී ද මේ ආකාරයට ඔවුන් මෝටර් රථයක්ද, ජා- ඇල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක්ද මෙම සැකකරු ඇතුළු කණ්ඩායම විසින් මේ ආකාරයටම පැහැරගෙන ඇති බව හෙළිවී තිබේ.

    ඊයේ (26) අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාවනැල්ල පොලිස් ස්ථානයට භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.