fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් ණය තේ වලින් ගෙවීම

    තෙල් ණය තේ වලින් ගෙවීම

    ඉරානයෙන් මිලදීගත් ඛනිජ තෙල් ණය තේ වලින් පියවීමට වැවිලි අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

    ඉරාකයෙන් මිලදී ගත් තෙල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවීමට ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 251කි.

    මෙම ගිවිසුමට අනුව සෑම මසකම ඩොලර් මිලියන 5 ක් වටිනා තේ ඉරානයට අපනයනය කෙරෙන අතර එමගින් පසුගිය වසර හතර පුරා එරටින් ශ්‍රී ලංකාව ලබාගත් ඉන්ධනවල වටිනාකම ක්‍රමානුකූලව පියවීමට මෙරට බලධාරීන් එකඟවී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.