තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එන්නත නොගත් නාවික හමුදා නිලධාරියාට වැඩවරදී

    එන්නත නොගත් නාවික හමුදා නිලධාරියාට වැඩවරදී

    ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ යුධ නෞකා ප්‍රධානියකු වශයෙන් කටයුතු කළ නිලධාරියෙකු කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීමට හෝ වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සේවය පහකර තිබේ.

    යූ.එස්.එස්. වින්ස්ටන් චර්චිල් ප්‍රහාරක නෞකාවේ දෙවැනි අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ කමාන්ඩර් ලූසියන් කින්ස් මෙලෙස සේවයෙන් පහකරීමට තීරණය කළ බව ඇමරිකානු නාවික හමුදාව ප්‍රකාශ කරයි.

    අදාල නෞකාවේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කපිතාන් කෙන් ඇන්ඩර්සන් හට කමාර්නඩර් කින්ස් පිළිබඳ විශ්වාසයක් නොමැති වීම හේතුවෙන් මෙලෙස සේවයෙන් පහකිරීමට පියවර ගත් බව ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ජේස්න් විස්චර් පවසා ඇත.

    ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එරට නාවික හමුදා සාමාජිකයින්ට හට කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීමට ඉකුත් නොවැම්බර් මාසය අවසන් වන තෙක් කාලය ලබාදී තිබිණි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img