තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ව්‍යාපාරවල සේවකයන්ට විශ්‍රාම යන්න වයස් 2ක්

    රාජ්‍ය ව්‍යාපාරවල සේවකයන්ට විශ්‍රාම යන්න වයස් 2ක්

    රාජ්‍ය ව්‍යාපාරවල සේවය කරන සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62ක් බවට පත්කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එහෙත් කිසියම් සේවකයකුට විශ්‍රාම යාමට අවශ්‍ය නම් වයස අවුරුදු 57 න් ඒ සඳහා ඉල්ලූම් කළ හැකි අතර මාස තුනකට පෙර පත්වීම් බලධරයා වෙත ඒ බව දන්වා තිබිය යුතු බව ද එහි සඳහන් වෙයි.

    කිසියම් සේවකයෙකුගේ කාර්ය සාධනය පිළිබඳ සෑහීමකට පත් නොවන අවස්ථාවකදී ඔහුගේ සේවය අවසන් කිරීමට පත්වීම් බලධරයා තීරණය කරන්නේ නම් වයස අවුරුදු 57න් පසුව ඒ සඳහා පියවර ගත යුතු අතර ඒ බව මාස 6කට පෙර සේවකයාට දැන්විය යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

    එවැනි සේවකයකු අනිවාර්යෙන් විශ්‍රාම ගැන්වීමට විරෝධය දක්වන්නෙ නම් ඒ සඳහා එම සේවකයාට නීතිමය පියවර ගත යුතු බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img